අපේ හමේ හැදෙන ඉන්නො කියල කියන ෆෝමේෂන් එක කවුරුත් හොඳට අඳුනනවානේ. මේ ඉන්නොන්ට වෛද්‍ය විද්‍යාවෙදි කියන්නේ වයිරල් වෝට්ස් කියලා. හමේ ඇතිවෙන අධි වර්ධනයකින් තමයි මේ ඉන්නො ඇති වෙන්නෙ. මේවා වේදනාවක් නැති වුණත් හරිම කැතයි. ගොඩක් අය බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිට පතනවා මේ ඉන්නො ඉවත් කරන්න. ඒ වුණාට ඒක තාවකාලිකයි. ආපහු නැවත මතුවෙන්න පුළුවන්. ඉන්නොන්ගෙන් කරදයක් නැති වුණාට සමහර විට සමහර ඉන්නො ලොකු ලෙඩක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්.
ඒක නිසා වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳයි. කොහොම වුනත් අපි අද කියන්න යන්නෙ ස්වභාවික ප්‍රතිකර්මයකින් මේ ඉන්නො අයින් කර ගන්න හැටි. මේකට ඕනෙ දේවල් හොයා ගන්න එක හරිම ලේසියි. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි දෙකකුත් පොඩි පුළුන් බෝලයකුත් විතරයි අපිට මේකට ඕන වෙන්නේ.
මුලින්ම හමේ ඉන්නො ඉන්න තැන් සබන් දාල හොඳට හෝදල පිරිසිදු කර ගන්න. වියළි තුවායකින් තෙත ඉවත් කරන්න. අර හොයාගන්න කියල කියපු පුළුන් බෝලය ඇපල් සයිඩර් විනාකිරිවලින් පොඟවන්න. වැඩිපුර උරාගෙන තියෙන ඇපල් සයිඩර් විනාකිරි ටික පුළුන් කෑල්ල මිරිකල අයින් කරන්න. දැන් තියෙන්නෙ ඒ පුළුන් කෑල්ල අර ඉන්නො ඉන්න තැන්වල හොඳින් තවරන එකයි. මේ ප්‍රතිකර්මය දවසට දෙවරක් කරන්න. ඔබේ සමේ ඉන්න ඉන්නො යන්නම යාවි.
ඇපල් සයිඩර් විනාකිරි කියන්නෙ ආම්ලික සංයෝගයක්. ඒ නිසා මේක හමේ මෘදු පිළිස්සීමක් ඇති කරනවා. ඒක නිකං කසනවා වගේ දැනීමක්. මේ සංවේදනය සමහර අයට තරමක් වේදනාකාරීව දැනෙන්න පුළුවන්. එහෙම අය ඇපල් සයිඩර් විනාකිරිවලට වතුර ටිකක් කවලං කරලා ඒක තනුක කරගන්න. එතකොට හරි.
සතියක් විතර මේ ප්‍රතිකාරය කළාට පස්සෙ ඉන්නො බුරුල් වෙනවා. ඒව නිකන්ම හැලිලා යාවි. අවශ්‍ය වෙන්නෙ ඔබගේ උත්සාහය සහ ඉවසීම. මේ ප්‍රතිකර්මයත් එක්ක ඔයාලට ඉන්නො කවදාවත් ප්‍රශ්නයක් නම් වෙන එකක් නැහැ.
උපුටා ගැනිම ................ 4 Waten.com
