Thursday, June 8, 2017

ක්‍රිබ් එකේ නම තියෙනව ද? ලෝන් එකක් ඕනෙ ද? ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ගැන ඔබ නොදත් දේවල් මෙන්න.....

ක්‍රිබ් එක කිව්වම ගොඩක් දෙනා දන්නවා වුනාට නොදන්න අයත් ඉන්නවා ඇති. අපි මුලින්ම බලමු මොකක්ද මේ ක්‍රිබ් එක කියන්නේ කියලා. Credit Information Bureau of Sri Lanka එහෙම නැත්නම් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය තමයි මේ ක්‍රිබ් එක කියන්නේ.

මෙහි හිමිකාරීත්වය දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව, ලියාපදිංචි වාණිං බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සහ ලීසිං සමාගම් විසින්. අපි දැන් බලමු ණයක් ලබා ගැනීමේදී මේකේ අපිට මොන තරම් වැදගත් වෙනවාද කියලා.

 
පහත වීඩියෝව බලන්න.  උපුටා ගැනිම ....4Waten

රූම් එකට පොලිසියෙන් පැන්නොත් මොකද කරන්නේ ? මෙන්න බොහෝ දෙනෙක් හරියට නොදන්නා නීතිමය පැත්ත




ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ.

එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය. ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය.

ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.
යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති.


එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී. යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ.

ලැගුම්හල තුළ ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.

යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි. විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ.

අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක.


එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ. වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත.

අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.


උපුටා ගැනිම ..............4 Waten.com

මෙන්න මේ උදෑසන පුරුදු 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි


උදෑසන අවදි වූවාට පසු ඔබ කරන දේවල් ගැන හිතුවොත් ඒවා තමයි අපේ එදිනෙදා කටයුතුවලට වගේම ජීවිතයටත් බලපාන්නෙ. උදෑසන අවදිවීම දවසේ ආරම්භය නිසා මෙන්න මේ පුරුදු ඔබේ ජීවිතයට ඇතුළු කර ගත්තොත් ඔබේ ජීවිතය, සෞඛ්‍යමත්ව නිරෝගීව ගත කරන්නට ඒවා හේතු වේවි. අපි අද කියන්න හදන්නෙ උදෑසන අවදි වූවාට පසු පුරුද්දට තියාගන්න හොඳ පුරුදු 6 ක්. බලන්න මේවා ඔයාලගේ ජීවිතයටත් එකතු කරගෙන කොච්චර වෙනසක් දකින්න පුළුවන් වේවිද කියලා.

උදෑසන අවදි වූ විගස හිස්බඩ වතුර වීදුරුවක් බොන්න. මේක ලංකාවේ විතරක් නෙවෙයි, වෙනත් බොහෝමයක් රටවලත් උදෑසන අවදිවුනු ගමන්කරන්න කියන දෙයක්. ඇතිකරගත යුතු බොහෝම හොඳ පුරුද්දක්. අපි පුරුදු වෙලාතියෙන්නේ හිස් බඩ උණු කිරි තේ කෝප්පයක් බොන්න වුනත්, හිස් බඩ ඇල් මැරුණු / මඳ උණුසුම් වතුර වීදුරුවක් බොන්න පුලුවන් නම් ඒක ශරීරයේ පරිවෘත්තිය පද්ධතියටවිතරක් නෙවෙයි, මුළු ශරීරයටම හොඳයි කියලයි කියන්නේ. සමහර වෙලාවට මේ වතුර වීදුරුවට දෙහි ඉස්ම ටිකක්, මී පැණි චුට්ටක් වුනත් එකතු කරගන්න පුලුවන් නම් ගුණයි.

උදෑසන දත්මදින විට වෙලාව අරන් හෙමිහිට දත් මදින්න. විශේෂයෙන්ම හොඳින් දිව මදින්න. මේකෙන් උදෑසන ඔබේ කටේ තියෙන අප්‍රිය රසය නැති කිරීම විතරක් නෙවෙයි, ඔබව නින්දෙන් අවදියට ගෙන එන ක්‍රියාවලියත් සම්පූර්ණ වෙනවා.
ස්ට්‍රෙචිං ව්‍යායාහ එහෙම නැත්නම් දිග ඇදීමේ ව්යායයාම උදෑසන විනාඩි 5 ක් පමණ කරන්න. මේකෙන් ඔබේ ශරීරයේ පේෂිවලට දවසේ වැඩකටයුතු සඳහා සූදානම් වෙන්න අවස්ථාවක් ලැබෙනවා.

උදෑසන ස්වභාව සෞන්දර්යය අත් විඳින්න පුරුදු වෙන්න. ඉර නැගෙනයාමේ නිරුවත් දෙපයින් ඇවිදින්න යන්න. තෙත පිණිකැට වලින් වැහුණුත ණකොල පාගන්න. පිපිලා තියෙන මල් දිහා බලන්න, උදෑසන ඇහෙන කුරුල්ලන්ගේ නාදය අහන්න. උදෑසන ආහාර වේල කොයි තරම් වැදගත්ද කියලා ඕන පෝෂණවේදියෙක්ගෙන් ඇහුවොත් කියයි. උදෑසන සමබර ආහාර වේලක් ගන්න. උදෑසන ආහාරයට නැවුම් පළතුරු යුෂ වීදුරුවකුත් එකතු කර කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.


ඔබට පුලුවන් නම් උදෑසනින්ම දවස මෙහෙම වෙන්න ඕන කියලා හිතන්න ඒක වඩාත් හොඳ පුරුද්දක්. ඒ කියන්නේ දවස සතුටින් ගෙවෙනවා කියලා හිතන්න. කොයි තරම් වැඩ තිබුණත් ඒ සිතුවිල්ල දවස පුරාම වැඩකරාවි. ඒ වගේම ගෙදර ඉන්න සාමාජිකයෝ එක්ක කතා බහ කරන්නත් පොඩි කාලයක් වෙන් කරන්න පුලුවන් නම් ඒක වටිනවා. ඒ එක්කම ඔබේ දවසේ කරන්න අවශ්‍යම වැඩ කිහිපය සැලසුම් කරගන්නත් උදෑසන මේ වෙලාව සුදුසුයි.

ඔබ කරන්න අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරන්න ඕන නැහැ. ඒත් කළයුතුම වැඩ තුන හතර සැලසුම් කරගන්න. කෙටියෙන් කියනවා නම් දවස ඔහේ යන හැටියට ගලාගෙන යන්න ඉඩ නොදී, සවිඥාණිකව දවස ගත කරන්න හිතට ගන්න.

උපුටා ගැනිම.........4-Waten

ඔබේ දරුවා අකීකරු වීමට හේතු ඔබයි.. මෙන්න බොහෝ දෙමාපියන් නොදැනුවත්වම කරන ලොකුම වැරදි 5 ක්



ළමයි පුංචියි තමයි. ඒ වුනාට ඒ අයට ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. හරි වැරදි තේරෙන්නෙ නැති නිසා ඒක ගොඩක් භයානකයි. වැරදි පැත්තට යොමු වෙන්න පුළුවන්. හිතුවක්කාරකම කියන්නෙ ඔබේම වැරැද්දක්. ඔබ දරුවාට ආදරෙයි තමයි. ඒත් හැම දේකටම එකඟ වෙන්නත් එපා. ඒක ඔබේම පසුතැවිල්ලට හේතුවක් විය හැකියි. මෙන්න මේ වැරදි ඔබත් කරනවාද බලන්න. මේ වැරදි 5 අද කාලේ දෙමාපියන් විසින් නැවත නැවත කරන නිසා තමයි ළමයි අකීකරු වෙන්නෙ.

ඔබ ඔබේ දරුවාට බය ද? දැන් ඔබ හිතාවි මේ මොකක්ද කියලා. ඔබ කොහොමද ඔබේ දරුවාට බය වෙන්නෙ. හිතන්න මෙන්න මෙහෙම. ඔබේ දරුවා බත් කෑම ප්‍ර‍තික්ෂේප කරනවා. එයා කියනවා එයාට තාත්තාගේ පිඟානෙ බත් කන්න ඕනෙ කියලා. ඕක ඉතිං සුළු දෙයක්නෙ කියලා ඔබ කරන්නෙ තාත්තාගේ පිඟානට බත් දෙනවා. තවත් දවසක එයා කියනවා. එයාට බත් කන්න බැහැ සෙල්ලම් බඩුවක් අරන් දෙන්න කියලා. ඔය විදියට හැමදාම දරුවා කියන එක ඔබ කරන්න ගත්තොත් දරුවා ඒක පුරුද්දකට ගන්නවා. ඔබ දන්නෙම නැතිව ඔබේ දරුවා මුරණ්ඩු වෙලා. ඔබ දරුවාට බය වෙලා. එයා අඩනවාට බයේ ඔබ දරුවා කියන කියන දේ කරනවා. ඉතින් ඒකෙන් දරුවාට හොඳක් වෙන්නෙ නැහැ. එයා අඩලම හැම දේම ජයග්‍රහනය කරන්න බලනවා.

පොඩි යි නේ කියලා සමාව දෙනවා ද? දරුවා පොඩියි නේ, එයාට තේරෙන්නෙ නැහැ නේ කියලා ඔබ එයා කරන වැරදි හැම එකකටම සමාව දෙන්න එපා. දරුවා කරන වැරදි මොනවාද කියලා එයාට තේරුම් කරලා දෙන්න. ඒවා කරන්න එපා කියලා කියන්න. ඒවා හොඳ නැහැ කියලා තේරුම් කරලා දෙන්න. දිගටම වැරදි කරනවා නම්, එකම වැරැද්ද දිගටම කරනවා නම් පුංචි පුංචි දඩුවම් දෙන්න. නැතිනම් එයා වැරැද්දට බය වෙන්නෙ නැති කෙනෙක් වේවි.

ඔබ වෙනත් අයෙක් ඔබේ දරුවාට සැර කරනවාට කැමති නැද්ද? මේක ගොඩක් භයානකයි. දැනුම් තේරුම් ඇති වෙනත් අයෙක් ඒ කියන්නෙ ගුරුවරයෙක්, වැඩිහිටියෙක් ඔබේ දරුවාට සැර වැර කරන්නෙ හේතුවක් ඇතිව නම්, ඒක වළක්වන්න යන්න එපා. ඔබ ඔබේ දරුවාගේ පැත්ත ගන්න එපා. එතකොට දරුවා සමාජයට තියෙන බය නැති වෙනවා. වැඩිහිටියන්ට තියෙන ගරුත්වය නැති වෙනවා. ලැජ්ජා බය නැති දරුවෙක් සමාජයට බිහි කරන්නට දායක වෙන්න එපා.

දරුවාට අංක එක දෙනවා ද? ඔබට ඔබේ දරුවා වටිනවා තමයි. හැම තැනම එයා මුලට අරගෙන අනෙක් අයට දොස් පවරන්න එපා. කවදාවත් එයා මුදුනින්ම තියන්න උත්සාහ ගන්න එපා. එතකොට එයාට මුදුන නැතිවම බැරි වෙනවා. කෙසේ හෝ මුදුනටම යන්න දරුවාව පොළඹවන්න එපා. එයා සමාජයට ගොඩක් වැරදි කරන කෙනෙක් බවට පත් වේවි. අනෙත් අයට සළකන්නෙ නැති, අනෙක් අය ගණන් ගන්නේ නැති දරුවෙක් සමාජයට දායක කරන්නට ඒක හේතු වේවි.

දරුවාට ෂෝට් කට් උගන්නනවාද? ඒ කියන්නෙ ඔබ දරුවාට මහන්සියෙන් තොරව ආයාසයෙන් තොරව දෙයක් කරන්න උදව් කරනවා ද? ඒක කවදාවත් කරන්න එපා. ඒක ඔබේ දරුවාට අවැඩක්. එයා උත්සාහවන්ත කෙනෙක් නොවී අලස කෙනෙක් වීමට ඒක හේතු වේවි. ඒ නිසා දරුවාට සරල විදියට එයාට හිතෙන විදියට හැම දේම කරන්න ඉඩ හරින්න. එයාගෙ ගෙදර වැඩ ඔයා කරල දෙන්න යන්න එපා. එයාටම හිතල එයාටම ඒක කරන්න ඉඩ හරින්න. පළවෙනි දවසෙ වරදියි. දෙවෙනි දවසෙ වරදියි. ඒත් තුන්වෙනි දවසෙ එයා ඉගෙන ගනීවි ඒක කොහොමද හරියට කරන්නෙ කියල. ඒක තමයි වැදගත්. මොකද වරද ක්‍ර‍මයෙන් තමයි ඉගෙන ගන්න ඕන.


එසේනම් දරැවන් සිටින ඔබ මේ කරැණු 5 ගැන සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා කියලා මතක තියාගන්න. සමාජයට, රටට වැඩදායක හොද පුරවැසියෙක් බිහි කරන්න මේවා ගොඩක් උපකාරී වේවි.

සමේ ඉන්නන්ට ගෙදරදීම දුවන්න දෙන්න මෙන්න බෙහෙත



අපේ හමේ හැදෙන ඉන්නො කියල කියන ෆෝමේෂන් එක කවුරුත් හොඳට අඳුනනවානේ. මේ ඉන්නොන්ට වෛද්‍ය විද්‍යාවෙදි කියන්නේ වයිරල් වෝට්ස් කියලා. හමේ ඇතිවෙන අධි වර්ධනයකින් තමයි මේ ඉන්නො ඇති වෙන්නෙ. මේවා වේදනාවක් නැති වුණත් හරිම කැතයි. ගොඩක් අය බටහිර වෛද්‍ය විද්‍යාවේ පිහිට පතනවා මේ ඉන්නො ඉවත් කරන්න. ඒ වුණාට ඒක තාවකාලිකයි. ආපහු නැවත මතුවෙන්න පුළුවන්. ඉන්නොන්ගෙන් කරදයක් නැති වුණාට සමහර විට සමහර ඉන්නො ලොකු ලෙඩක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්.

ඒක නිසා වෛද්‍යවරයෙක් හමු වෙන එක හොඳයි. කොහොම වුනත් අපි අද කියන්න යන්නෙ ස්වභාවික ප්‍ර‍තිකර්මයකින් මේ ඉන්නො අයින් කර ගන්න හැටි. මේකට ඕනෙ දේවල් හොයා ගන්න එක හරිම ලේසියි. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි දෙකකුත් පොඩි පුළුන් බෝලයකුත් විතරයි අපිට මේකට ඕන වෙන්නේ.

මුලින්ම හමේ ඉන්නො ඉන්න තැන් සබන් දාල හොඳට හෝදල පිරිසිදු කර ගන්න. වියළි තුවායකින් තෙත ඉවත් කරන්න. අර හොයාගන්න කියල කියපු පුළුන් බෝලය ඇපල් සයිඩර් විනාකිරිවලින් පොඟවන්න. වැඩිපුර උරාගෙන තියෙන ඇපල් සයිඩර් විනාකිරි ටික පුළුන් කෑල්ල මිරිකල අයින් කරන්න. දැන් තියෙන්නෙ ඒ පුළුන් කෑල්ල අර ඉන්නො ඉන්න තැන්වල හොඳින් තවරන එකයි. මේ ප්‍ර‍තිකර්මය දවසට දෙවරක් කරන්න. ඔබේ සමේ ඉන්න ඉන්නො යන්නම යාවි.

ඇපල් සයිඩර් විනාකිරි කියන්නෙ ආම්ලික සංයෝගයක්. ඒ නිසා මේක හමේ මෘදු පිළිස්සීමක් ඇති කරනවා. ඒක නිකං කසනවා වගේ දැනීමක්. මේ සංවේදනය සමහර අයට තරමක් වේදනාකාරීව දැනෙන්න පුළුවන්. එහෙම අය ඇපල් සයිඩර් විනාකිරිවලට වතුර ටිකක් කවලං කරලා ඒක තනුක කරගන්න. එතකොට හරි.

සතියක් විතර මේ ප්‍ර‍තිකාරය කළාට පස්සෙ ඉන්නො බුරුල් වෙනවා. ඒව නිකන්ම හැලිලා යාවි. අවශ්‍ය වෙන්නෙ ඔබගේ උත්සාහය සහ ඉවසීම. මේ ප්‍ර‍තිකර්මයත් එක්ක ඔයාලට ඉන්නො කවදාවත් ප්‍ර‍ශ්නයක් නම් වෙන එකක් නැහැ.

 උපුටා ගැනිම ................ 4 Waten.com

Friday, March 10, 2017

ලෝක විනාශය බුදු ඇසින්


End of the world

























උපුටා ගැනිම.........................








Tuesday, February 28, 2017

ඌව වෙල්ලස්සේ දේශද්‍රෝහීන් ලෙස නම් කල විරුවන් අද සිට දේශපේ‍්‍රමීන් ලැයිස්තුවට

      


       1818 ඌව වෙල්ලස්ස ප‍්‍රථම නිදහස් අරගලයට දායක වීමේ හේතුව මත අධිරාජ්‍යවාදින් විිසින් රාජ්‍යද්‍රෝහීන් ලෙස නම් කළ හෙළ විරුවන් අසූඑක් දෙනෙකු දේශපේ‍්‍රමින් ලෙස ප‍්‍රකාශයට පත් කිරිමේ උත්සවය අද (01) පැවැත්වෙනවා. ඒ, මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදීයි. 

   මරණ ඳඩුවම නියම කෙරුණු වීර කැප්පෙටිපොළ මහාධිකාරම්, කිවුලේගෙදර මොහොට්ටාල සහ රටින් පිටුවහල් කළ  දෙමෝදර මොහොට්ටාල , පිලිමතලාවේ නිළමේ ඇතුළු 81 දෙනෙකු මෙහිදි දේශප්‍රෙමීන් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
         උඩරට ගිවිසුම අත්සන් කර හෙටට වසර 202ක් සපිරීම නිමිත්තෙන් එම විරුවන්ට ගෞරවය පුද කිරිම මෙහි තවත් අරමුණක්.අධිකරණ අමාත්‍යංශය  පත් කළ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් විසින් අදාළ දේශපේ‍්‍රමින්ගේ නාම ලේඛනය සකස් කර තිබෙනවා.  


 

Friday, February 24, 2017

ළඟම පාසල - හොඳම පාසල

‘ළඟම පාසල - හොඳම පාසල’ ව්‍යාපෘතියේ අස්වනු නෙළීම ඇරඹෙයි
ප්‍රථම දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සිසු අයිතියට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සංකල්පයකට අනුව රුපියටල් මිලියන 64000ක වියදමින් ඇරඹි ‘ළඟම පාසල ‍- හොඳම පාසල’ බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ අංග සම්පූර්ණ ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානයක් ඊයේ (23) මොණරාගල මාළිගාතැන්න මධ්‍ය මහා විද්‍යාලයේ දී සිසු අයිතියට පත් කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ අති
න්.
 

‘ළඟම පාසල ‍- හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන මාලිගාතැන්න මධ්‍ය මහා විද්‍යාලය සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 52ක්. ඒ යටතේ විදුලිය,ජලය, පන්ති කාමර, පාසල් උපකරණ, ගුරුනිවාස ඇතුළු ඉදිකිරීම් රැසක් සිදුකෙරෙනවා.දිවයින පුරා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති ‘ළඟම පාසල ‍- හොඳම පාසල’ ව්‍යාපෘතිය යට‍තේ පාසල්වල ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු සිදුකෙරෙනවා. පාසල් 7000කට අධික ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය වන අතර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. දරුවන්ට තමා ජීවත්වන නිවස අසලම පිහිටි පාසල අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත පාසලක් ලෙසට සංවර්ධනය කරදීම වෙනුවෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන්නේ පළාත් සභාවල ද පූර්ණ සහයෝගය ඇතිවයි. ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද ඉදිකිරීම් 18000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ක්‍රියාත්මකව පවතිනවා. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ , මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගී විය.




Tuesday, February 21, 2017

පේරාදෙණියේ අසහනකාරීන්ගේ රැග් කිරිල්ලේ සුළමුල එළියට.


ගලහා හන්දියට එන්න කීවාබයික් වලින් අරන් ගිහින් පාළු ගෙදරකට දාලා ඇඳුම් ගැලෙව්වා - දැන් මූණු වහන් යන පේරාදෙණියේ අසහනකාරීන්ගේ රැග් කිරිල්ලේ සුළමුල එළියට



ඊයේ (20) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් පිරිසක් විසින් එම විශ්ව විද්‍යාලයේම 1වන වසරේ සිසුන් 8 දෙනෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී විවිධ වදහිංසා පමුණුවමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.

දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව ඇත්තේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන් පිරිසකුයි.

මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක්‌ මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 පමණ එම ස්‌ථානයට ගොස්‌ ඇත.

එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කීය.

මෙලෙස නවක වදයට ලක්වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්‌සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්‌වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවටද වාර්තා වෙනවා.