උදෑසන අවදි වූවාට පසු ඔබ කරන දේවල් ගැන හිතුවොත් ඒවා තමයි අපේ එදිනෙදා කටයුතුවලට වගේම ජීවිතයටත් බලපාන්නෙ. උදෑසන අවදිවීම දවසේ ආරම්භය නිසා මෙන්න මේ පුරුදු ඔබේ ජීවිතයට ඇතුළු කර ගත්තොත් ඔබේ ජීවිතය, සෞඛ්‍යමත්ව නිරෝගීව ගත කරන්නට ඒවා හේතු වේවි. අපි අද කියන්න හදන්නෙ උදෑසන අවදි වූවාට පසු පුරුද්දට තියාගන්න හොඳ පුරුදු 6 ක්. බලන්න මේවා ඔයාලගේ ජීවිතයටත් එකතු කරගෙන කොච්චර වෙනසක් දකින්න පුළුවන් වේවිද කියලා.
උදෑසන අවදි වූ විගස හිස්බඩ වතුර වීදුරුවක් බොන්න. මේක ලංකාවේ විතරක් නෙවෙයි, වෙනත් බොහෝමයක් රටවලත් උදෑසන අවදිවුනු ගමන්කරන්න කියන දෙයක්. ඇතිකරගත යුතු බොහෝම හොඳ පුරුද්දක්. අපි පුරුදු වෙලාතියෙන්නේ හිස් බඩ උණු කිරි තේ කෝප්පයක් බොන්න වුනත්, හිස් බඩ ඇල් මැරුණු / මඳ උණුසුම් වතුර වීදුරුවක් බොන්න පුලුවන් නම් ඒක ශරීරයේ පරිවෘත්තිය පද්ධතියටවිතරක් නෙවෙයි, මුළු ශරීරයටම හොඳයි කියලයි කියන්නේ. සමහර වෙලාවට මේ වතුර වීදුරුවට දෙහි ඉස්ම ටිකක්, මී පැණි චුට්ටක් වුනත් එකතු කරගන්න පුලුවන් නම් ගුණයි.

උදෑසන දත්මදින විට වෙලාව අරන් හෙමිහිට දත් මදින්න. විශේෂයෙන්ම හොඳින් දිව මදින්න. මේකෙන් උදෑසන ඔබේ කටේ තියෙන අප්‍රිය රසය නැති කිරීම විතරක් නෙවෙයි, ඔබව නින්දෙන් අවදියට ගෙන එන ක්‍රියාවලියත් සම්පූර්ණ වෙනවා.
ස්ට්‍රෙචිං ව්‍යායාහ එහෙම නැත්නම් දිග ඇදීමේ ව්යායයාම උදෑසන විනාඩි 5 ක් පමණ කරන්න. මේකෙන් ඔබේ ශරීරයේ පේෂිවලට දවසේ වැඩකටයුතු සඳහා සූදානම් වෙන්න අවස්ථාවක් ලැබෙනවා.
උදෑසන ස්වභාව සෞන්දර්යය අත් විඳින්න පුරුදු වෙන්න. ඉර නැගෙනයාමේ නිරුවත් දෙපයින් ඇවිදින්න යන්න. තෙත පිණිකැට වලින් වැහුණුත ණකොල පාගන්න. පිපිලා තියෙන මල් දිහා බලන්න, උදෑසන ඇහෙන කුරුල්ලන්ගේ නාදය අහන්න. උදෑසන ආහාර වේල කොයි තරම් වැදගත්ද කියලා ඕන පෝෂණවේදියෙක්ගෙන් ඇහුවොත් කියයි. උදෑසන සමබර ආහාර වේලක් ගන්න. උදෑසන ආහාරයට නැවුම් පළතුරු යුෂ වීදුරුවකුත් එකතු කර කරගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

ඔබට පුලුවන් නම් උදෑසනින්ම දවස මෙහෙම වෙන්න ඕන කියලා හිතන්න ඒක වඩාත් හොඳ පුරුද්දක්. ඒ කියන්නේ දවස සතුටින් ගෙවෙනවා කියලා හිතන්න. කොයි තරම් වැඩ තිබුණත් ඒ සිතුවිල්ල දවස පුරාම වැඩකරාවි. ඒ වගේම ගෙදර ඉන්න සාමාජිකයෝ එක්ක කතා බහ කරන්නත් පොඩි කාලයක් වෙන් කරන්න පුලුවන් නම් ඒක වටිනවා. ඒ එක්කම ඔබේ දවසේ කරන්න අවශ්‍යම වැඩ කිහිපය සැලසුම් කරගන්නත් උදෑසන මේ වෙලාව සුදුසුයි.
ඔබ කරන්න අවශ්‍ය හැම දෙයක්ම සැලසුම් කරන්න ඕන නැහැ. ඒත් කළයුතුම වැඩ තුන හතර සැලසුම් කරගන්න. කෙටියෙන් කියනවා නම් දවස ඔහේ යන හැටියට ගලාගෙන යන්න ඉඩ නොදී, සවිඥාණිකව දවස ගත කරන්න හිතට ගන්න.
උපුටා ගැනිම.........4-Waten