ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා දක්වා කොටසේ ශ්‍රී ලංකාවද ඇතුලුව දැවැන්ත මහද්වීපයක් පිහිටා තිබූ බවට පර්යේෂකයින් පිරිසක් නවතම අනාවරණයක් සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත් මෙම දැවැන්ත මහද්වීපය ලෙමුරියා නමින් අතීතයේ හදුන්වාදී තිබූ බවයි මෙම අනාවරණයේ දැක්වෙන්නේ. පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට 19 වන සියවසේ ජීවත්වූ බි්‍රතාන්‍ය භූ විද්‍යාඥයකු වූ පිලිප් ස්ක්ලේටර් සිදුකළ පරීක්ෂණයක් අනුවද මෙම ලුමේරියා මහද්වීපය සම්බන්ධයෙන් තොරතුරු හෙළිව ඇති බවයි අනාවරණ කර ඇත්තේ. ද මැමල්ස් ඇන්ඞ් මැඩගස්කර් නමින් නම් කර ඇති මෙම පර්යේෂණ ලිපිය හරහා ඉන්දියාව තුල වෙසෙන ක්ෂීරපායීන් හා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි මැඩගස්කරයේ ජීවීන්ගේ සමානතා මෙහිදී සැලකිල්ලට ගෙන ඇති බවද ප්‍රකාශවී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආදම්ගේ පාලම නමින් අතීතයේදී හදුන්වන ලද ගොඩබිම් සම්බන්ධතාවයද ඉන්දියාව හා ලුමේරියාව නම්වූ එෛතිහාසික මහද්වීප වෙන් කරන ස්ථානය ලෙසටයි මෙම වාර්තාවෙන් හදුන්වාදී ඇත්තේ.
මේ ඒ සම්බන්ධ අනාවරණය කෙටියෙන් සිංහලෙන්.